දෙවැනි වර්‍ගය
2. 1.
පරූපහාරකථා
[අර්‍හත්ඵලයට අප්‍රාප්ත වැ අර්‍හත්ස්වරූපය පානවුන් වෙත ශුක්‍ර මොචන දැක මාරකායික දෙවියන් රහත්නට සම්භවය එළවාලතීයි සිතන පූර්‍වශෛලාදි නිකායවාසීන්ගේ වාද බිඳුනට පරූපහාරකථා එයි.]
1. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ. ඉදින් රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පුහුදුන් පුඟුල්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහුට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කිනම් අර්‍ත්‍ථයෙකින?
ප. වි: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවා ළති.
ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවාලත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැත් නම්,
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
6. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාරකායික දෙවියෝ තමන්ගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? මෙරමාගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? මෙරමාගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (නිර්‍මාණ කොට එළවතී යනු සිත තබා පිළින කෙරෙති.)
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍ර නො එළවත් නම් මෙරමාගේ ශුක්‍ර නො එළවත් නම් ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවත් නම්,
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.