2. 4.
පරවිතරණකථා
[මෙ ද අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි]
1. ස. පු: රහත්හට පරවිතරණය (පරා බසින් දැන් මැ) ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වනාහි පරනෙය වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය (දතයුතු) වූයේ පරප්‍රත්‍යය (අනුන්බස් පිහිට කොට ඇති) වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ නම්, දක්නේ වේ නම්,
අනු. පා: භවත, රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පෘථග්ජනත් පරනෙය වූයේ පරා නිසා ප්‍රාප්තව්‍ය වූයේ පරා හේතු කොට ඇතියේ පරා අයත් කොට ඇතියේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය වූයේ පරප්‍රත්‍යය වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පුහුදුනුත් පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරහේතු නැතියේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: රහත්හට පරවිතරණා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද, සඟුන් කෙරෙහි පරවිතරණ ඇද්ද, ශික්‍ෂායෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තයෙහි පරවිතරණ ඇද්ද, අපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: රහත්හට ශාස්තෲන්වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැත් නම්, ධර්‍මයෙහි පරවිතරණ නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.