2. 3.
කඞ්ඛාකථා
[අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි.]
1. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: රහත්හට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට විචිකිත්සා නැත්නම් විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට සැක (තොප මතයෙහි) ඇත. ඔහුට විචිකිත්සා ඇද්ද, විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: රහත්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්ය්යුත්ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්මයෙහි සැක ඇද්ද, සඞ්ඝයා කෙරෙහි සැක ඇද්ද, ශික්ෂායෙහි සැක ඇද්ද, පූර්වාන්තයෙහි සැක ඇද්ද, අපරාන්තයෙහි සැක ඇද්ද, පූර්වාන්තාපරාන්තයෙහි සැක ඇද්ද, ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයෙහි සැක ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද, ධර්මයෙහි සැක ... ඉදම්ප්රත්යතාප්රතීත්යසමුත්පන්න ධර්මයෙහි සැක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැත් නම්, ධර්මයෙහි සැක නැත්නම් ... ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයෙහි සැක නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇතැ’යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්මයෙහි සැක ... ඉදම්ප්රත්යයතාප්රතීත්ය සමුත්පන්නධර්මයෙහි සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්මයෙහි සැක ... ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයෙහි සැක ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්මයෙහි සැක ... ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයෙහි සැක නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්මයෙහි සැක ... ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයෙහි සැක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...