18. 9.
චක්ඛුනා රූපං පස්සතීති කථා
[“චක්ඛුනා රූපං පස්සතී - ඇසින් රූ දකී” යන වචන නිසා ‘ප්රසාද චක්ෂුස ම රූප දක්නේ යැ’ යි මහාසඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘චක්ඛුනා රූපං පස්සතීති කථා’ එයි.]
1. ස. පු: ප්රසාද ඇසින් රූ දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රුවින් රූ දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රුවින් රූ දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (චක්ෂුස් රූපය ගැන කළ ප්රතිඥා යි.)
ස. අනු: රුවින් රූ ප්රතිවිජානන කරන්නේ (දන්නේ) වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූ මනෝවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ඇසින් රූප දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුස්හුගේ ආවර්තනායෙක් … ප්රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: චක්ෂුස්හුගේ ආවර්තනායෙක් … ප්රණිධියෙක් නැත් නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චක්ෂුස්හුගේ ආවර්තනායෙක් … ප්රණිධියෙක් නැත් නම්,
ස. පා: භවත, ‘ඇසින් රූප දක්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: කනින් හඬ අසන්නේ වේ ද? … නැහැයෙන් ගඳ ආඝ්රාණ කරන්නේ වේ ද? … දිවින් රස විඳින්නේ වේ ද? … කයින් ස්ප්රෂ්ටව්ය ස්පර්ශ කරන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපයෙන් රූපය ස්පර්ශ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රුවින් රූ පහස්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය මනෝවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කයින් පැහැසි පහස්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කයට ආවර්තනායෙක් … ප්රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කයට ආවර්තනායෙක් … ප්රණිධියෙක් නැත් නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කයට ආවර්තනායෙක් … ප්රණිධියෙක් නැත් නම්,
ස. පා: භවත, ‘කයින් පැහැසි පහස්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.