එකුන් විසි වැනි වර්ගය
19. 1.
කිලේසජහන කථා
[‘ප්රහීණ ක්ලේශ ඇතියාහට අතීතක්ලේශයෝත් අනාගතක්ලේශයෝත් ප්රත්යුත්පන්නක්ලේශයෝත් ප්රහීණ වූවාහු මැ වෙති. එහෙයින් අතීතයෙහි දු අනාගතයෙහි දු ප්රත්යුත්පන්නයෙහිදු ක්ලේශත්යාග කෙරෙති’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ‘කිලේසජහන කථා’ එයි.]
1. ස. පු: අතීත කෙලෙසුන් දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරුද්ධ කෙලෙස් නිරුද්ධ කෙරේ ද, විගත කෙලෙස් විගමන කෙරේ ද, ක්ෂීණ කෙලෙස් ක්ෂය කෙරේ ද, අස්තඞ්ගත කෙලෙස් අස්තඞ්ගමන කෙරේ ද, අභ්යස්තඞ්ගත කෙලෙස් අභ්යස්තඞ්ගමන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්,
ස. පා: භවත, ‘අතීත කෙලෙසුන් හැරපියතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතීතය නැත් නම්,
ස. පා: භවත, “අතීත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
4. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නූපන්නේ නූපදනේ වේ ද, නො හටගත්තේ නො හටගන්නේ වේ ද? නො නිපන්නේ නිපන් නොවන්නේ වේ ද? නො පහළ වූයේ නො පහළ වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය අජාත නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාගතය අජාත වී නම්,
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
6. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාගතය නැත් නම්,
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
7. ස. පු: ප්රත්යුත්පන්න කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද, දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද, මූඨ වූයේ මෝහය හැරපියා ද, ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද, ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද, මෝහයෙන් මෝහය හැරපියා ද, ක්ලේශයෙන් ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: රාගය චිත්තසම්ප්රයුක්ත වේ ද, මාර්ගය චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.