18. 8.
සමාපන්නෝ සද්දං සුණාතීති කථා
[”ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. ඉදින් සමවත් සමවන්නේ ශබ්ද නො අසා නම කිසෙයින් ශබ්දකණ්ටක (ශබ්ද බාධක) වන්නේ ද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ” යයි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ සද්දං සුණාතීති කථා’ එයි.]
1. ස. පු: සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමවත් සමවන්නේ ඇසින් රූ දක්නේ වේ ද? … කනින් … නැහැයෙන් … දිවින් … කයින් පැහැසි පහස්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමවත් සමවන්නේ ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතවිඥානසමන්‍වාගත වූයේ සමාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාධි මනෝවිඥානසමඞ්ගීහට නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්,
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වී නම්,
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්‍පෂයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ ... සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ‘සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘සමවන්නේ ශබ්දශ්‍රවණ කෙරෙයි’ නො කියැයුතු මැ යැ.
6. ස. පු: “ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදැ’ යි කරුණු කොට සමාපන්න පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. එයට (ද්විතීයධ්‍යානයට) විතර්‍කවිචාර ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘ප්‍රථමධ්‍යානයට ශබ්ද කණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලදැ’ යි කරුණු කොට සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිකණ්ටක යැ … චතුර්‍ත්‍ථධ්‍යානය ආශ්වාසප්‍රාශ්වාස කණ්ටක යැ … ආකාසානඤ්චායතන සමවත් සමවන් පුඟුල්හට රූපසංඥා කණ්ටක යැ … විඤ්ඤාණඤ්චායතන සමවන් පුඟුල්හට ආකාසානඤ්චායතනසංඥා කණ්ටක යැ … ආකිඤ්චඤ්ඤායතන සමවන් පුඟුල්හට විඤ්ඤාණඤ්චායතනසංඥා කණ්ටක යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන් පුඟුල්හට ආකිඤ්චඤ්ඤායතනසංඥා කණ්ටක යැ … සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් පුඟුල්හට සංඥා හා වේදනා හා කණ්ටක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වෙයි. ඔහට සංඥාත් වේදනාත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා නිමි.