18. 5.
ඒකමග්ග කථා
[“බුදුරදහු සෝවන් වැ සෙදගැමි මඟත් සෙදගැමි වැ අනගැමි මඟත් අනගැමි වැ රහත්මඟත් පසක් කළහ. එක් මැ රහත්මඟින් සතර ඵලයන් පසක් කළහ” යි බුදුන් කෙරෙහි නුනුවණින් කළ ප්රේම වශයෙන් අන්ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකමග්ගකථා’ එයි.]
1. ස. පු: එක් ආර්ය්යමාර්ගයෙන් සතර ශ්රාමණ්යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්පශයන් සතර දෙනකුන්ගේ සංඥාවන් සතර දෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එක් අරිමඟින් සතර ශ්රාමණ්යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් මඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමි … අනගැමිමඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කවර මඟෙකින් (පසක් කරන්නේ) වේ ද?
ප. වි: රහත්මඟිනි.
ස. අනු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල යැ’යි භාග්යවතුන් විසින් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල වෙතී’ භාග්යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: භවත, ‘රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශය දුරු කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්යාපාද හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්යාපාද හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘කාමරාගව්යාපාදයන්ගේ තුනු බව සෙදගැමිඵල යැ’ යි භාග්යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කාමරාගව්යාපාදයන්ගේ තනුභාවය සෙදගැමිඵලය’ යි භාග්යවතුන් විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, “රහත්මගින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්යාපාද හැරපියතී” යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ‘කාමරාගව්යාපාදයන්ගේ නිරවශේෂප්රහාණය අනගැමිඵල යැ’ යි භාග්යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘කාමරාගව්යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය අනගැමිඵල යැ’ යි භාග්යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: භවත, “රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්යාපාදය හැරපියතී” නො කියැයුතු මැ යැ.