18. 6.
ඣානසඞ්කන්ති කථා
[“ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං … තතියං ඣානං … චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති” යන මේ පිළිවෙළ දේශනා නිසා ඒ ඒ ධ්‍යානයාගේ උපචාරප්‍රාප්ති රහිත වැ මැ ධ්‍යානයෙන් ධ්‍යානයට පැන යති” යි මහීශාසකයන් හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානසඞ්කන්තිකථා’ එයි.]
1. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද,
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද? ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති” යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො ... ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ද්විතීය ධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
ස. පා: භවත, “ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙතී” නො කියැයුතු මැ යැ.
5. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ප්‍රථමධ්‍යානය සවිතර්‍ක සවිචාර වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: ද්විතීයධ්‍යානය සවිතර්‍කසවිචාර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ප්‍රථමධ්‍යානයෙන් මැ ඒ ද්විතීයධ්‍යාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...