18. 4.
ගන්ධජාත කථා
[භාග්යවත් බුදුන් කෙරෙහි නුනුවණින් ගත් ප්රේම වශයෙන් භාග්යවතුන්ගේ මලමූ අන්ය ගන්ධජාතයනට වඩා සුගන්ධතර යයි අන්ධක උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ගන්ධජාතකථා’ එයි.]
1. ස. පු: භාග්යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්ය ගන්ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ සුවඳදැය මැ වළඳනසේක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: භාග්යවතුන් වහන්සේ බත් කොමු වළඳනසේක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ බත් කොමු වළඳන සේක් නම්,
ස. පා: භවත, ‘භාග්යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්ය ගන්ධජාතයන් මැඩගෙන සිටුනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: භාග්යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්ය ගන්ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවත් බුදුන්ගේ මලමූ ස්නානය කරන, විලෙවුන් කොට ගන්නා, උච්ඡාදන කරන, මඤ්ජූසායෙහි ගෝපනය කරන, කරඬුයෙහි බහාලන, අවන්හල්හි සුවඳ දෑ සේ එළවා තබන කිසි කෙනෙක් ඇද්ද? ඒ ගඳිනුදු ගඳකරණී කෙරෙත් ද? නො කියැයුතු මැ යැ
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ගන්ධජාත කථා නිමි.
18. 5.
ඒකමග්ග කථා
[“බුදුරදහු සෝවන් වැ සෙදගැමි මඟත් සෙදගැමි වැ අනගැමි මඟත් අනගැමි වැ රහත්මඟත් පසක් කළහ. එක් මැ රහත්මඟින් සතර ඵලයන් පසක් කළහ” යි බුදුන් කෙරෙහි නුනුවණින් කළ ප්රේම වශයෙන් අන්ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකමග්ගකථා’ එයි.]
1. ස. පු: එක් ආර්ය්යමාර්ගයෙන් සතර ශ්රාමණ්යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්පශයන් සතර දෙනකුන්ගේ සංඥාවන් සතර දෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එක් අරිමඟින් සතර ශ්රාමණ්යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් මඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමි … අනගැමිමඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කවර මඟෙකින් (පසක් කරන්නේ) වේ ද?
ප. වි: රහත්මඟිනි.
ස. අනු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල යැ’යි භාග්යවතුන් විසින් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල වෙතී’ භාග්යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: භවත, ‘රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශය දුරු කෙරෙතී’ නො කියැයුතු මැ යැ.