18. 3.
කරුණා කථා
[“ප්‍රිය වස්තූන්ගේ විපත්හි සරාගපුද්ගලයන්ගේ රාග වශයෙන් කරුණාප්‍රතිරූපක ප්‍රවෘත්ති දැක රාගය මැ කරුණා නම් වෙයි. එ ද භාග්‍යවතුන් වහන්සේට නැත. එයින් භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ” යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කරුණාකථා’ එයි.]
1. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා …උපේක්‍ෂා’ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා … උපේක්‍ෂා’ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත්හු අකාරුණික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නම්,
ස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නම්,
ස. පා: භවත, භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
7. ප. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු සරාග වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැති’.
කරුණා කථා නිමි.