16. 8.
රූපං විපාකොති කථා
[‘කර්මය කළ බැවින් උපන් චිත්තචෛතසිකයන් සෙයින් කර්මය කළ බැවින් උපන් රූපය ද විපාක වෙති’යි අන්ධක සමමිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං විපාකොති කථා’ එයි.]
1. ස. පු: රූපය විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය සුඛවේදනීය, දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා සම්ප්රයුක්ත, දුඃඛවේදනා සම්ප්රයුක්ත, අදුඃඛාසුඛවේදනා සම්ප්රයුක්ත, ස්පර්ශසම්ප්රයුක්ත ... චිත්තසම්ප්රයුක්ත සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ නො? එයට ආවර්තනා ... ප්රණිධි නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම්, ... දුඃඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: කර්මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්මයෝ විපාක නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කර්මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්ම විපාක වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘කර්මය කළ බැවින් උපන් රූපය විපාක වෙතී’ කියැයුතු මැ යැ.
රූපං විපාකොති කථා නිමි.