16. 7.
රූපං කුසලාකුසලන්ති කථා
[“කායකම්මං වචීකම්මං කුසලස්ස අකුසලස්ස - කායකර්ම වාක්කර්ම කුසලත් අකුසලත් වෙයි” යන වචන නිසා ‘කායවාක්කර්ම සඞ්ඛ්යාත කායවිඥප්ති වාග්විඥප්ති රූප කුසලත් අකුසලත් වෙතී’ මහීශාසක සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං කුසලාකුසලන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්තනා ... ප්රණිධි නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
ස. පා: භවත ‘රූපය කුශල වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: අලෝභය කුශල සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අද්වේෂය කුශල ... අමෝහය කුශල ... ශ්රද්ධාව කුශල ... වීර්ය්යය - ස්මෘතිය - සමාධි - ප්රඥාව - කුශල සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අද්වේෂය කුශල ... ප්රඥාව කුශල අනාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය අකුශල වෙති’ නො කියැයුතු මැ යැ.
7. ස. පු: ලෝභය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි, ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රූපය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...