16. 5.
රූපං හෙතූති කථා
[‘හේතු’ යනු කුසලමූලාදි හේතුවටත් කිසි යම් ප්රත්යයටත් නමෙකි. මේ වෙනස නො ගෙන “චත්තාරො මහා භූතා හේතු” යන වචන මාත්රය නිසා අවිශේෂයෙන් ‘රූපය හේතු’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං හෙතූති කථා’ එයි.]
1. ස. පු: රූපය හේතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අලෝභ හේතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අදෝසහේතු වේ ද? ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රූපය හේතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්තනා ... ප්රණිධි නැත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
ස. පා: භවත ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අලොභහෙතු සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රූපහේතු සාලම්බන වේ. එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපහේතු සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අලොභහෙතු අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු වෙත් නම්,
ප. පා: භවත එකරුණින් ‘රූපය හේතු වේ’ යයි කියැයුතු මැ යැ.
රූපං හෙතූති කථා නිමි.