16. 4.
අධිගය්හමනසිකාර කථා
[“සබ්බේ සඞ්ඛාරා අනිච්චා” ආදි වචන නිසා නයමනස්කාර හැර ආරම්මණ මනස්කාර පමණක් ගෙන “මෙනෙහි කරනුයේ හැම සංස්කාරයන් එකවට මෙනෙහි කෙරේ” යයි පූර්‍වශෛලීය අපරශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට “අධිගය්හමනසිකාර කථා” එයි.]
1. ස. පු: බැස ගෙන (හාත්පසින් - සම්පූර්‍ණයෙන් ගෙන මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිතින් එ සිත ‘සිතැ’යි දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ... ඒ සංඥායෙන් ... ඒ චේතනායෙන් ... ඒ චිත්තයෙන් ... ඒ විතර්‍කයෙන් ... ඒ විචාරයෙන් ... ඒ ප්‍රීතියෙන් ... ඒ ස්මෘතියෙන් ... ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’ යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...