16. 3.
සුඛානුප්පාදාන කථා
[‘එකකු අනෙකක්හට සුඛය දියහෙන්නේ යැයි ලබ්ධිගත් හේතුවාදීන්ගේ වාද බිඳුනට ‘සුඛානුප්පාදානකථා’ එයි.]
1. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට තමාගේ සුව දෙන්නේ වේ ද, අනුන්ගේ සුව දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුව දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනෙකෙක් අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්,
ස. පා: භවත ‘අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: “අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ආයුෂ්මත් උදායී තෙරණුවෝ තෙල වදාළාහු නො
“භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ දුඃඛධර්‍මයන් බැහැර කරනසේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ වූ සුඛධර්‍මයන් එළවන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ අකුශලධර්‍මයන් බැහැර කරන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ කුශලධර්‍මයන් එළවන සේක් මැ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ.
සුඛානුප්පදාන කථා නිමි.