16. 2.
පග්ගහකථා
[මෙහි නිදානය ද නිග්ගහකථායෙහි මෙනි.]
1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ (පාලනය) කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ සිත ‘නොඇලේව යි දූෂ්ය නොවේව යි මුළා නො වේව යි කිලිටි නො වේව’යි ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අලෝභකුසලමූලය උපදවා ද, අදෝස කුසලමූලය උපදවා ද, අමොහ කුසලමූලය උපදවා ද, ශ්රද්ධා උපදවා ද, වීර්ය්ය උපදවා ද, ස්මෘති උපදවා ද, සමාධි උපදවා ද, ප්රඥා උපදවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් ස්පර්ශය නහමක් නිරුද්ධ වේව’යි ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් චිත්තය ... උපන් ශ්රද්ධාව ... උපන් වීර්ය්යය ... උපන් ස්මෘතිය ... උපන් සමාධි ... උපන් ප්රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි ප්රග්රහ කරන්නේ (වළහන්නේ) වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට අර්ත්ථ පිණිස රාගය හැරපියා ද, ද්වේෂය හැරපියා ද, මෝහය හැරපියා ද, ... අනපත්රපා හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්ත්ථ පිණිස මාර්ගය වඩා ද ... සතිපට්ඨාන වඩා ද, ... බෝධ්යඞ්ග වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්ත්ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද, ... මාර්ගභාවනා කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරන්නේ වේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “තමා මැ කළ පාපය ... අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කෙරේ”යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ”යයි නො කියැයුතු යැ.
9. ප. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: බලප්රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බලප්රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්රග්රහ කෙරේ” යයි කියැයුතු මැ යැ.
පග්ගහකථා නිමි.