15. 7.
සඤ්ඤාවේදයිතකථා
[සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්ති නම් කිසි (භාව) ධර්මයෙක් නො වෙයි. ඒ සතර අරූපස්කන්ධයන්ගේ නිරෝධ යි. එ හෙයින් ඒ ලෞකික හෝ ලෝකෝත්තර හෝ නො වෙයි. යම් හෙයෙකින් ලෞකික නො වේ ද, එහෙයින් ලෝකෝත්තර වෙතියි හේතුවාදනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සඤ්ඤාවේදයිතකථා’ එයි.]
1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්ග ... ඵල ... නිර්වාණ ... ශ්රෝතාපත්තිමාර්ග ... ශ්රෝතාපත්තිඵල ... බෝධ්යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වෙතියි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෝකෝත්තර වෙයි.
සඤ්ඤාවේදයිතකථා නිමි.
15. 8.
දුතීයසඤ්ඤාවේදයිතකථා
1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අරූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෝකෝත්තර වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෞකික වෙයි.
දුතියසඤ්ඤාවෙදයිතකථා නිමි.