15. 8.
දුතීයසඤ්ඤාවේදයිතකථා
1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අරූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෝකෝත්තර වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෞකික වෙයි.
දුතියසඤ්ඤාවෙදයිතකථා නිමි.
15. 9.
තතියසඤ්ඤාවේදයිතකථා
[‘අසුවලා මැරෙනපියවි ඇත්තේ යැ. අසුවලා නො මැරෙනපියවි ඇත්තේ යැ’යි මරණධර්මතායෙහි නියමයක් නැති හෙයින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ ද කලුරිය කරන්නේ යැ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තතියසඤ්ඤාවේදයිතකථා’ එයි.]
1. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්පර්ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තිකචේතනා, මාරණාන්තිකචිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තික ස්පර්ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්පර්ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැත් නම්,
ස. පා: භවත, “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශ නොකරනුවහට කාලක්රියා වේ ද, අවේදකයාහට කාලක්රියා වේ ද, ... අචිත්තකයාහට කාලක්රියා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...