පසළොස්වන වග
15. 1.
පච්චයකථා
[යම් ධර්මයෙක් හේතු ප්රත්යයයෙන් ප්රත්යය වේ නම්, ඒ ධර්මය යම් ධර්ම කෙනකුන්ට හේතුප්රත්යයයෙන් ප්රත්යය වේ ද, ඒ ධර්මයනට මැ යම් හෙයෙකින් ආලම්බන අනන්තර සමනන්තර ප්රත්යයයෙන් ප්රත්යය නො වේ ද, යම් ධර්මයෙක් ආලම්බන ප්රත්යයයෙන් හෝ ප්රත්යය වේ නම්, ඒ ධර්මය යම් හෙයෙකින් ඔවුනට මැ අනන්තර සමනන්තර ප්රත්යයයෙන් ප්රත්ය නො වේ ද, එහෙයින් ‘ප්රත්යය භාවය ව්යවස්ථාවත් (නියමයන් අනුව) වේ’ යයි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පච්චයකථා’ එයි.]
1. ස. පු: ප්රත්යයභාවය ව්යවස්ථිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විමංසා හේතු නො, එ ද අධිපති නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් විමංසා හේතු වේ නම්, එ ද අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් “හේතුප්රත්යයයෙන් ප්රත්යය වේ යයි ද, අධිපති ප්රත්යයයෙන් ප්රත්යය වේ”යයි ද කියැයුතු යැ.
2. ස. පු: ඡන්දාධිපති ධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ඡන්දාධිපති ධර්මය සහජාත ධර්මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වෙයි, සහජාත ප්රත්යයයෙන් ප්රත්යය වෙයි’ යනු කියැයුතු යැ.
3. ස. අනු: වීර්ය්යාධිපති ධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්ය්යාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වූයේ සහජාතප්රත්යයයෙන් ප්රත්යය වෙයි’ යනු කියැයුතු මැ යැ.
4. ස. පු: වීර්ය්යාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වෙයි, එ ද ඉන්ද්රිය වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්ය්යාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ එ ද ඉන්ද්රිය වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වූයේ ඉන්ද්රියප්රත්යයයෙන් ප්රත්යය වේ ය’යි කියැයුතු මැ යැ.
5. ස. අනු: වීර්ය්යාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වෙයි, එ ද මාර්ගාඞ්ග වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්ය්යාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ එ ද මාර්ගාඞ්ග වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වූයේ මාර්ගප්රත්යයයෙන් ප්රත්යය වේ’ යයි කියැයුතු මැ යැ.
6. ස. අනු: චිත්තාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වූයේ සහජාතප්රත්යයයෙන් ප්රත්යය වේ’ යයි කියැයුතු මැ යැ.
7. ස. අනු: චිත්තාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වෙයි, එ ද ආහාර වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ එ ද ආහාර වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්රත්යයයෙන් ප්රත්යය වූයේ ආහාර ප්රත්යයයෙන් ප්රත්යය වේ’ යයි කියැයුතු මැ යැ,
8. ස. අනු: චිත්තාධිපතිධර්මය සහජාතධර්මයනට අධිපති වෙයි. එ ද ඉන්ද්රිය වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපති ධර්මය සහජාතධර්මයනට අධිපති වන්නේ එ ද ඉන්ද්රිය වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපති ප්රත්යයයෙන් ප්රත්යය වූයේ ඉන්ද්රියප්රත්යයයෙන් ප්රත්යය වේ’ යයි කියැයුතු මැ යැ.