15. 6.
ජරාමරණකථා
[ජරාමරණ නම් අපරිනිෂ්පන්න බැවින් ලෞකික යැ හෝ ලෝකෝත්තර යැ හෝ කියැයුතු නො වෙයි. “ලෝකියා ධම්මා, ලෝකුත්තරා ධම්මා” යන දුකයෙහි දු ජරාමරණ ලෝකිය පදයෙහි හෝ ලෝකුත්තර පදයෙහි හෝ නො දක්වන ලදි. එහි මේ ලක්ෂණ නො ගෙන ලෝකෝත්තර ධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි මහා සාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරාමරණකථා’ එයි.]
1. ස. පු: ලෝකෝත්තරධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්ග, ඵල, නිර්වාණ, ශ්රෝතාපත්තිමාර්ග ... ශ්රෝතාපත්තිඵල ... බෝධ්යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්රොතාපත්තිමාර්ගයාගේ ජරාමරණ ශ්රෝතාපත්ති මාර්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශ්රොතාපත්තිමාර්ගයාගේ ජරාමරණ ශ්රෝතාපත්ති මාර්ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රොතාපත්තිඵලයාගේ ජරාමරණ ශ්රෝතාපත්තිඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සකෘදාගාමිමාර්ගයාගේ ... සකෘදාගාමිඵලයාගේ ... අනාගාමිමාර්ගයාගේ ... අනාගාමිඵලයාගේ ... අර්හත්ත්වමාර්ගයාගේ ජරාමරණ අර්හත්ත්වමාර්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අර්හත්ත්වමාර්ගයාගේ ජරාමරණ අර්හත්ත්වමාර්ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අර්හත්ත්වඵලයාගේ ජරාමරණ අර්හත්ත්වඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්මෘතිප්රස්ථානයන්ගේ ... සම්යක්ප්රධානයන්ගේ ඍද්ධිපාදයන්ගේ ... ඉන්ද්රියයන්ගේ ... බලයන්ගේ ... බෝධ්යඞ්ගයන්ගේ ජරාමරණ බෝධ්යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ලෝකෝත්තර ධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි නො කියයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෝකෝත්තර වේ.
ජරාමරණකථා නිමි.