15. 4.
ඛණ-ලය-මුහුත්තකථා
[මෙහි ද නිදානය අද්ධා කථායෙහි මෙනි.]
1. ස. පු: ක්ෂණකාලය පරිනිෂ්පන්න වේ ද ... ලය කාලය පරිනිෂ්පන්න වේ ද ... මුහුර්තකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘මුහුර්තකාලය පරිනිෂ්පන්න යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙකැ යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වී යැ’යි අතීතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ මහණෙනි, ‘අනාගතකාලය මෙසේ වන්නේ ය’යි අනාගතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, ‘දැන් ප්රත්යුත්පන්නය මෙසේ වේ’ යයි දැන් ප්රත්යුත්පන්න කාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් ඇති”යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් මුහුර්තකාලය පරිනිෂ්පන්න වෙයි.
ඛණ-ලය-මුහුත්තකථා නිමි.
15. 5.
ආසවකථා
[යම් හෙයෙකින් චතුරාස්රවයන් සාස්රව කළ ගෙන චතුරාස්රවයන්ට වැඩි අන්ය ආස්රව කෙනෙක් නැද්ද, එහෙයින් ‘චතුරාස්රවයෝ අනාස්රවයහ’යි හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුනගේ වාද බිඳුනට ‘ආසවකථා’ එයි.]
1. ස. පු: චතුරාස්රවයෝ අනාස්රව වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්ගය ... ඵලය ... නිර්වාණය ... ශ්රෝතාපත්තිමාර්ගය ... ශ්රෝතාපත්තිඵලය ... බෝධ්යඞ්ගය වේ ද?
(එ කල්හි ඒ අනාස්රවයන් මාර්ගඵලාදිය වැනි වියයුතුයයි චෝදනා පිණිස අසන ලදී.)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘චතුරාස්රවයෝ අනාස්රවයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: යම් ආස්රව කෙනකුන් කරණ කොට ඒ ආස්රවයෝ සාස්රව වෙත් ද, එබඳු වූ අන්ය ආස්රවයෝත් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. නිග: එකරුණින් චතුරාස්රවයෝ අනාස්රව වෙති.
ආසවකථා නිමි.