15. 3.
අද්ධාකථා
[“තීණිමානි භික්ඛවේ කථාවත්ථුනි” යන සූත්රපාඨ වරදවා ගෙන ‘පරිනිෂ්පන්න වූ අධ්ව සඞ්ඛ්යාත කාලයෙක් ඇතැ’යි ලබ්ධි ගත්තාහු ඇත. කාලප්රඥප්තිමාත්රය මිස ‘අද්ධා’ නම් කිසි පරිනිෂ්පන්නාර්ත්ථයෙක් නැත, රූපාදි ස්කන්ධයෝ මැ පරිනිෂ්පන්නයහ’යි දක්වන්නට ‘අද්ධාකථා’ එයි.]
1. ස. පු: කාලය පරිනිෂ්පන්න (හේතුප්රත්යයෙන් උපන්නේ) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අතීතකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනාගතකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: වර්තමානකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අතීත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අතීතකාලය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනාගත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අනාගතකාල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ප්රත්යුත්පන්න වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ ප්රත්යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රත්යුත්පන්නයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අතීතපඤ්චස්කන්ධ අතීතකාලය වේ ද? අනාගත පඤ්චස්කන්ධ අනාගතකාලය වේ ද? ප්රත්යුත්පන්න පඤ්චස්කන්ධ ප්රත්යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පසළොස් කාලයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අතීත ද්වාදශායතන අතීතකාලය වේ ද? අනාගත ද්වාදශායතන අනාගතකාලය වේ ද? ප්රත්යුත්පන්න ද්වාදශායතන ප්රත්යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සතිස් කාලයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: අතීත අෂ්ටාදශධාතු අතීතකාලය වේ ද? අනාගත අෂ්ටාදශධාතු අනාගතකාලය වේ ද? ප්රත්යුත්පන්න අෂ්ටාදශධාතු ප්රත්යුත්පන්න කාලය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සියුපනස් කාලයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...