15. 2.
අඤ්ඤමඤ්ඤපච්චයකථා
[යමකුගේ සමයෙහි ‘අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ වෙති’ යන මෙතෙක් මැ ඇද්ද, ‘සංස්කාරප්රත්යයයෙනුදු අවිද්යා ඇත’ යනු නැද්ද, ඔහු අවිද්යාව සංස්කාරයනට ප්රත්යය වෙයි, වැළිත් සංස්කාරයෝ අවිද්යාවට ප්රත්යය නො වෙති’යි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු වෙත් ද, ඔවුන් සඳහා අවිද්යාව සංස්කාරාදීනට අන්යෝන්යප්රත්යයතායෙන් ප්රත්යය වන බව දක්වන්නට ‘අඤ්ඤමඤ්ඤපච්චයකථා’ එයි.]
1. ස. පු: අවිද්යාප්රත්යයයෙනුදු සංස්කාරයෝ වෙති සංස්කාරයන් ප්රත්යය කොට ද අවිද්යා ඇතියි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්යා සංස්කාරයන් හා සහජාත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අවිද්යා සංස්කාර හා සහජාත වේ නම්,
ස. පා: භවත, එකරුණින් අවිද්යා ප්රත්යය කොට ඇති සංස්කාරයෝ ඇත, සංස්කාර ප්රත්යය කොට ගත් අවිද්යා ඇතියි’ කියැයුතු මැ යැ.
2. ස. පු: තෘෂ්ණාප්රත්යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්රත්යයෙනුදු තෘෂ්ණා වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තෘෂ්ණාව උපාදානය හා සහජාත නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් තෘෂ්ණාව උපාදානය හා සහජාත වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘තෘෂ්ණා ප්රත්යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්රත්යයෙනුදු තෘෂ්ණා වේ’යයි කියැයුතු මැ යැ.
3. ප. පු: ‘මහණෙනි, ජරාමරණප්රත්යයෙන් ජාති වෙයි, ජාතිප්රත්යයෙන් භව වේ’ යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටි: නැත.
ප. නිග: එකරුණින් “අවිද්යාප්රත්යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයෙනුදු අවිද්යා වේ’යයි නො කියැයුතු යැ. තෘෂ්ණා ප්රත්යයෙනුදු උපාදාන වෙයි, උපාදාන ප්රත්යයෙනුදු තෘෂ්ණා වේ” යයි නො කියැයුතු යැ.
4. ස. පු: “මහණෙනි, විඥානප්රත්යයෙන් නාමරූප වෙයි, නාමරූපප්රත්යයෙනුදු විඥාන වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් අවිද්යාප්රත්යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාර ප්රත්යයෙනුදු අවිද්යා වෙයි. තෘෂ්ණාප්රත්යයෙනුදු උපාදාන වෙයි. උපාදානප්රත්යයෙනුදු තෘෂ්ණා වෙයි.
අඤ්ඤමඤ්ඤපච්චයකථා නිමි.