15. 11.
කම්මූපචයකථා
[කර්මොපචය වනාහි කර්මයෙන් අන්ය වූ චිත්තවිප්රයුක්ත වූ අව්යාකෘත වූ අනාලම්බන වූ එකෙකැයි අන්ධක සමමිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කම්මූපචය කථා’ එයි.]
1. ස. පු: කර්මය අනෙකෙක් වේ ද, කර්මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය අනෙකෙක් වේ ද, ස්පර්ශොපචය අනෙකෙක් වේ ද, වේදනා අනෙකක් වේ ද, වේදනෝපචය අනෙකෙක් වේ ද, සංඥා අනෙකක් වේ ද, සංඥොපචය අනෙකෙක් වේ ද, චේතනා අනෙකක් වේ ද, චේතනෝපචය අනෙකෙක් වේ ද, චිත්තය අනෙකෙක් වේ ද, චිත්තොපචය අනෙකෙක් වේ ද, ශ්රද්ධා අනෙකක් වේ ද, ශ්රද්ධොපචය අනෙකෙක් වේ ද, වීර්ය්යය අනෙකෙක් වේ ද, වීර්ය්යෝපචය අනෙකෙක් වේ ද, ස්මෘති අනෙකක් වේ ද, ස්මෘතිඋපචය අනෙකෙක් වේ ද, සමාධි අනෙකෙක් වේ ද, සමාධිඋපචය අනෙකෙක් වේ ද, ප්රඥා අනෙකක් වේ ද, ප්රඥොපචය අනෙකෙක් වේ ද, රාගය අනෙකෙක් වේ ද, රාගෝපචය අනෙකෙක් වේ ද, අනොත්තප්පය අනෙකෙක් වේ ද, අනොත්තප්පඋපචය අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කර්මය අනෙකෙක් වේ ද, කර්මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්මොපචය කර්මය හා සහජාත වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කර්මොපචය කර්මය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලකර්මය හා සහජාත වූ කර්මොපචය කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලකර්මය හා සහජාත වූ කර්මොපචය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (චිත්තසම්ප්රයුක්තයා සඳහා පිළින යි.)
ස. අනු: සුඛවේදනාසම්ප්රයුක්තකර්මය හා සහජාත වූ කර්මොපචය සුඛවේදනාව හා සම්ප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුඃඛවේදනාසම්ප්රයුක්ත ... අදුඃඛාසුඛවේදනා සම්ප්රයුක්ත කර්මය හා සහජාත වූ කර්මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කර්මොපචය කර්මය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලකර්මයා හා සහජාත වූ කර්මොපචය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අකුශලකර්මයා හා සහජාත වූ කර්මොපචය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛවෙදනාසම්ප්රයුක්ත කර්මය හා සහජාත වූ කර්මොපචය සුඛවේදනාව හා සම්ප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුඃඛවේදනාසම්ප්රයුක්ත ... අදුඃඛාසුඛවේදනාසම්ප්රයුක්තකර්මය හා සහජාත වූ කර්මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කර්මය චිත්තය හා සහජාත වෙයි. කර්මය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්මොපචය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කර්මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්මොපචය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.