10. 9.
සමාදානහේතුකථා
[‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන්ගේ වාද බිඳුනට සමාදානහේතුකථා එයි.]
1. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාදානහේතුක ස්පර්ශය වැඩේ ද? වේදනා වැඩේ ද? සංඥා වැඩේ ද? චේතනා වැඩේ ද? චිත්තය වැඩේ ද? ශ්රද්ධා වැඩේ ද? වීර්ය්ය වැඩේ ද? ස්මෘතිය වැඩේ ද? සමාධි වැඩේ ද? ප්රඥා වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වැලක් සේ වැඩේ ද? මාලුවාලිය සේ වැඩේ ද? රුකක් සේ වැඩේ ද? තෘණ සේ වැඩේ ද? මුදුතණපඳුරු සේ වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශීලය සමාදන් වැ කාමවිතර්ක විතර්කණ කරන්නහුට ව්යාපාදවිතර්ක විතර්කණ කරන්නහුට විහිංසාවිතර්ක විතර්කණ කරන්නහුට ශීලය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සුවිදූරවිදූරයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මේ පළමුවන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂ ධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට එති’ යනු නො කියැයුතු යැ.
6. ප. පු: ‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“ආරාම රෝපණය කරන, වන රෝපණය කරන, හේ දඬු කරන යම් ජන කෙනෙක් ඇද්ද ... ධර්මස්ථ වූ ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්ගගාමීහ” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් සමාදානහේතුක සීලය වැඩෙයි.
සමාදානහේතුකථා නිමි.