දසම වර්ගය
10. 1.
නිරෝධකථා
[උපපත්තෙසිය සඞ්ඛ්යාත භවාඞ්ගචිත්තයාගේ භඞ්ගය වන්නා හා මැ කුශල වූ හෝ අකුශල වූ හෝ සතර වැදෑරුම් ක්රියාස්කන්ධ හා චිත්තසමුත්ථාන රූපස්කන්ධය දැ’යි පඤ්චස්කන්ධයෝ උපදිති. ‘උන් නූපන් කල භවාඞ්ගය නිරුද්ධ වත් මැ සන්තතිවිච්ඡේද වෙති’ යි ලබ්ධි ගත් අන්ධකනිකායවාසීන්ගේ වාද බිඳුනට නිරෝධ කථා එයි.]
1. ස. පු: උපපත්තෙසිය වූ පඤ්චස්කන්ධයන් නිරුද්ධ නො වත් මැ ක්රියා පඤ්චස්කන්ධයෝ උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය ස්කන්ධයන්ගේ ද ක්රියාස්කන්ධයන්ගේ දැ’ යි දශ ස්කන්ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දශ ස්කන්ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පුරිමපශ්චිම වශයෙනුදු උපපත්තෙසිය හා ක්රියා වශයෙනුදු නානාත්වය සඳහා පිළින කෙරෙයි.)
ස. අනු: ස්පර්ශයන් දෙදෙනෙකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයන් නිරුද්ධ නො වත් මැ ක්රියා සඞ්ඛ්යාත සතර ස්කන්ධයෝ උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද? ස්කන්ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්කන්ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද, ස්කන්ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයන් නිරුද්ධ නො වත් මැ (අනාලම්බනඥාන සඞ්ඛ්යාත) ක්රියාඥානය උපදී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්කන්ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: උපපත්තෙසිය සඞ්ඛ්යාත පඤ්චස්කන්ධයන් නිරුද්ධ වත් මැ මාර්ගය උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ. (නිරුද්ධ නො වත් මැ නූපදනා හෙයින් ප්රතිඥා යි.)
ප. අනු: මළේ මාර්ගභාවනා කෙරේ ද, කලුරිය කෙළේ මාර්ගභාවනා කෙරේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
නිරෝධකථා නිමි.