10. 6.
ද්වීහි සීලෙහී’ති කථා
[‘මාර්‍ග සමඞ්‍ගී පුද්ගලයා ලෞකික ශීලයෙන් සිල්වත් වැ ලෝකෝත්තර මාර්‍ග භවන හෙයින් ලෞකික ශීලයෙනුදු මාර්‍ගක්‍ෂණයෙහි ලෝකෝත්තර ශීලයෙනුදු මෙසේ උභය ශීලයෙකින් සමන්‍වාගත යැ’ යන මහාසාඞ්‍ඝිකයන්ගේ ලබ්ධි බිඳුනට “ද්වීහි සීලෙහී’ති කථා” එයි.]
1. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල සිල් දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ස්‍පර්‍ශ දෙකෙකින් වේදනා දෙකෙකින් සංඥා දෙකෙකින් චේතනා දෙකෙකින් චිත්ත දෙකෙකින් ශ්‍රද්ධා දෙකෙකින් වීර්‍ය්‍ය දෙකෙකින් ස්මෘති දෙකෙකින් සමාධි දෙකෙකින් ප්‍රඥා දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ස්‍පර්‍ශයෙන් ලෞකික වේදනායෙන් ලෞකික සංඥායෙන් ලෞකික චේතනායෙන් ලෞකික චිත්තයෙන් ලෞකික ශ්‍රද්ධායෙන් ලෞකික වීර්‍ය්‍යයෙන් ලෞකික ස්මෘතියෙන් ලෞකික සමාධියෙන් ලෞකික ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ස්‍පර්‍ශයෙන් සමන්‍වාගත වේ ද ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල පෘථග්ජන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්සඞ්කල්පයෙන් ... ලෞකික සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යක්කර්‍මාන්තයෙන් ... ලෞකික සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් ... ලෞකික සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...