10. 7.
සීලං අචේතසිකන්ති කථා
[ශීලය ඇති වී නැති වුව ද සමාදාන හේතුයෙන් වූ ශීලෝපචයෙක් ඇත. එයින් හේ සිල්වත් නම් වෙයි. මේ හේතුයෙන් ‘ශීලය අචෛතසික ය’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘සීලං අචේතසිකන්ති කථා’ එයි.]
1. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූප, නිර්‍වාණ චක්‍ෂුරායතන ... කායායතන ... රූපායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
3. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වේදනා ... සංඥා ... චේතනා ... ශ්‍රද්ධා ... වීර්‍ය්‍ය ... ස්මෘති ... සමාධි ... ප්‍රඥා අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ස්‍පර්‍ශය චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වේදනාව ... සංඥාව ... චේතනාව. ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනිෂ්ටඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: ඉෂ්ටඵල වන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඉෂ්ටඵල වේ නම්,
අනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.