10. 5.
පඤ්චවිඤ්ඤාණා සාභෝගාති කථා
[‘ආභෝග’ නම් කුශල වශයෙනුදු අකුශල වශයෙනුදු වෙයි. බුදුන් විසිනුදු “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති - ඇසින් රූ දැක නිමිත්තග්රාහී වෙයි, නිමිත්තග්රාහී නො වේ” යනාදිය වදාළ සූත්රාන්ත ඇත. එය අයෝනිසෝමනසිකාරයෙන් ගෙන ‘පඤ්චවිඥානයෝත් සාභෝගයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්ඤාණා සාභෝගාති කථා’ එයි.]
1. ස. පු: පඤ්චවිඥානයෝ සාභොග (ප්රත්යවේක්ෂා සහිත) වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ්චවිඥානයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්යාත්මික වස්තුක බාහ්යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො වෙත් ද, සමන්වාහරණ රහිත වැ නූපදනාහු නො වෙත් ද, අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො වෙත් ද, අව්යාකීර්ණ වැ නූපදනාහු නො වෙත් ද, පෙරපසු නො වී නූපදනාහු නො වෙත් ද? පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු නො වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු වෙත් නම්,
අනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුර්විඥානය ශුන්යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්ෂුර්විඥානය ශුන්යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුසත් ශුන්යතාත් නිසා චක්ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්ෂුසත් ශුන්යතාත් නිසා චක්ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: “චක්ෂුසත් ශුන්යතාත් නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: නැත.
ස. අනු: “චක්ෂුසත් රූපයනුත් නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් “චක්ෂුසත් රූපයනුත් නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්ෂුසත් ශුන්යතාත් නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක්ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුර්විඥානය අතීතානාගත ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: චක්ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුර්විඥානය ස්පර්ශය ඇරැබැ ... ස්ප්රෂ්ටව්යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...