10. 2.
රූපං මග්ගෝ’ති කථා
[‘සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ මාර්‍ගාඞ්ගයෝ රූප වෙති’ යි ලබ්ධි ගත් මහිංසාසක සමමිතීය මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘රූපං මග්ගෝති කථා’ එයි.]
1. ස. පු: මාර්‍ගසමඞ්ගී පුද්ගලයාගේ රූපය මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා, අභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘මාර්‍ගසමඞ්ගීහුගේ රූපය මාර්‍ග යැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: සම්මාවාචාව මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘සම්මාවාචාව මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘සම්මාආජීවය මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ
4. ස. පු: සම්මාදිට්ඨි මාර්‍ග වේ ද? ඔ ද සාලම්බන වෙයි, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසතිය ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචාව මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. එයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...