ද්විකනිර්දේශ යි.
[ත්‍රිකනිර්දේශය]
748. ඒ අධ්‍යාත්මික උපාදාරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදාරූප යි.
749. ඒ බාහිර උපාදාරූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදාරූප යි.
750. ඒ උපාදා නො වූ බාහිරරූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආපෝධාතු යි. මේ ඒ උපාදා නො වූ බාහිරරූප යි.
751. ඒ අධ්‍යාත්මික උපාදින්නරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නරූප යි.
752. ඒ බාහිර උපාදින්නරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නරූප යි.
753. ඒ බාහිර අනුපාදින්නරූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නරූප යි.
754. ඒ අධ්‍යාත්මික උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නෝපාදානීයරූප යි.
755. ඒ බාහිර උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නෝපාදානීයරූප යි.
756. ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූප යි.
757. ඒ අධ්‍යාත්මික අනිදස්‍සනරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අනිදර්‍ශනරූප යි.
758. ඒ බාහිර සනිදස්සනරූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ සනිදර්‍ශන බාහිර රූප යි.
759. ඒ බාහිර අනිදස්‍සනරූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනිදර්‍ශනරූප යි.
760. ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූප යි.
761. ඒ බාහිර සප්පටිඝරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සප්‍රතිඝරූප යි.
762. ඒ බාහිර අප්පටිඝරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අප්‍රතිඝරූප යි.
763. ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූප යි.
764. ඒ බාහිර ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රියරූප යි.