රූපවිභත්ති
[ඒකකනිර්දේශය]
598. හැම රූපය හේතු නො වූයේ ම ය, අහේතුක ම ය, හේතුවිප්රයුක්ත ම ය, සප්රත්යය ම ය, සඞ්ඛත (-ප්රත්යයසමවායෙන් කරන ලද) ම ය, රූපී ම ය, ලෞකික ම ය, සාස්රව ම ය, සංයෝජනීය ම ය, ග්රන්ථනීය ම ය, ඕඝනීය ම ය, යෝගනීය ම ය, නීවරණීය ම ය, පරාමෘෂ්ට ම ය, උපාදානිය ම ය, සාංක්ලේශික ම ය, අව්යාකෘත ම ය, අනාලම්බන ම ය, අචෛතසික ම ය, චිත්තවිප්රයුක්තය ම ය, නෛව විපාක න විපාකස්වභාවධර්ම ම ය, අසඞ්ක්ලිෂ්ටසාංක්ලේශික ම ය, සවිතර්කසවිචාර නො වූයේ ම ය, අවිතර්කවිචාරමාත්ර නො වූයේ ම ය, අවිතර්ක - අවිචාර ම ය, ප්රීතිසහගත නො වූයේ ම ය, සුඛසහගත නො වූයේ ම ය, උපේක්ෂාසහගත නො වූයේ ම ය, නො ම දර්ශනයෙන් නො ම භාවනායෙන් ප්රහාතව්ය ම ය, නො ම දර්ශනයෙන් නො ම භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත් ම ය, නො ම ආචයගාමී නො ම අපචයගාමී ම ය, නො ම ශෛක්ෂ නාශෛක්ෂ ම ය, පරිත්ත ම ය, කාමාවචර ම ය, රූපාවචර නො වූයේ ම ය, අරූපාවචර නො වූයේ ම ය, පර්ය්යාපන්න ම ය, අපර්ය්යාපන්න නො වූයේ ම ය, අනියත ම ය, අනෛර්ය්යාණික ම ය, උත්පන්න වූයේ ෂඩ්විඥානයන් විසින් විඥේය ම ය, අනිත්ය ම ය, ජරාභිභූත මැ යි. මෙසෙයින් එක් කොටසින් රූප සඞ්ග්රහය වේ.
ඒකකනිර්දේශය යි.
[දුකනිර්දේශය]
(උපාදාරූප)
599. ඒ උපාදාරූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය ශ්රෝත්රායතන ය ඝ්රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය රූපායතන ය ශබ්දායතන ය ගන්ධායතන ය රසායතන ය ස්ත්රීන්ද්රිය ය පුරුෂේන්ද්රිය ය ජීවිතේන්ද්රිය ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය ආකාශධාතු ය රූපලඝුත්ව ය රූපමෘදුත්ව ය රූපකර්මණ්යත්ව ය උපචය රූප ය සන්තතිරූප ය ජරතාරූප ය අනිත්යතාරූප ය කවලීකාරාහාර යි.
600. ඒ චක්ෂුරයාතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, අනිදර්ශන වූ සප්රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්ශන වූ සප්රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ, (දර්ශනපරිණායකාර්ත්ථයෙන්) තෙලෙ චක්ඛු නමුදු වෙයි, (සඤ්ජාතිසමෝසරණාර්ත්ථයෙන්) තෙලෙ චක්ඛායතන නමුදු වෙයි, (ශුන්යතාදි අර්ත්ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්ශන ලක්ෂණයෙහි ඉන්ද්රාර්ත්ථය කරවා නුයි) තෙලෙ චක්ඛුන්ද්රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්ත්ථයෙන්) තෙලෙ ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්ත්ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණීයාර්ත්ථයෙන්) තෙලෙ සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්ත්ථයෙන්) තෙලෙ පණ්ඩර නමුදු වෙයි, (ස්පර්ශාදීන් උපදනා හෙයින්) තෙලෙ ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට මැ ප්රතිෂ්ඨා වන හෙයින්) තෙලෙ වත්ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙලෙ නෙත්ත නමුදු වෙයි, (එ අරුතින් ම) තෙලෙ නයන නමුදු වෙයි, (සත්කාය පර්ය්යාපන්නාර්ත්ථයෙන්) තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, (බහුසාධාරණාර්ත්ථයෙන් අස්වාමිකාර්ත්ථයෙන්) තෙලෙ සුඤ්ඤගාම නමුදු වේ. මේ ඒ චක්ෂුරායතනරූප නම් වේ.
601. ඒ චක්ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා (උපන්) ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, අනිදර්ශන වූ සප්රතිඝ වූ යම් ඇසෙකැ සනිදර්ශන වූ සප්රතිඝ වූ රූපය ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ (චක්ෂුඃප්රසාදය) චක්ෂු නමුදු වෙයි, තෙලෙ චක්ෂුරායතන නමුදු වෙයි, තෙල චක්ෂුර්ධාතු නමුදු වෙයි, තෙලෙ චක්ෂුරින්ද්රිය නමුදු වෙයි, තෙලෙ ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙලෙ සමුද්ර නමුදු වෙයි, තෙලෙ පණ්ඩර නමුදු වෙයි, තෙලෙ ක්ෂේත්ර නමුදු වෙයි, තෙලෙ වාස්තු නමුදු වෙයි, තෙලෙ නේත්ර නමුදු වෙයි, තෙලෙ නයන නමුදු වෙයි, තෙලෙ ඔරිමතිර නමුදු වෙයි, තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ චක්ෂුරායතන රූප යයි.
602. ඒ චක්ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, අනිදර්ශන වූ සප්රතිඝ වූ යම් ඇසෙක් සනිදර්ශන වූ සප්රතිඝ වූ රූපයෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම හෝ, තෙලෙ චක්ෂු නමුදු වෙයි, තෙලෙ චක්ෂුරායතන ද වෙයි, තෙල චක්ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්ෂුරින්ද්රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්ර ද වෙයි, තෙලෙ පඬෙර ද වෙයි, තෙලෙ කේතු දු වෙයි, තෙලෙ වාස්තු දු වෙයි, තෙලෙ නෙතු ද වෙයි, තෙලෙ නයන දු වෙයි, තෙලෙ මෙතෙර දු වෙයි, තෙලෙ සිස්ගමු දු වේ. මේ ඒ චක්ෂුරායතනරූප යයි.
603. ඒ චක්ෂුරායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, යම් චක්ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්ෂුසක් නිසා රූපය අරමුණු කොට චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව … සංඥාව … චක්ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම හෝ … යම් චක්ෂුසක් නිසා රූපාලම්බන වූ චක්ෂුස්සංස්පර්ශය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ … යම් චක්ෂුසක් නිසා රූපාලම්බන වූ චක්ෂුස්සංපර්ශයෙන් උපන් වේදනාව … සංඥාව … චේතනාව … චක්ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ චක්ෂු ද වෙයි, තෙලෙ චක්ෂුරායතන ද වෙයි, තෙල චක්ෂුර්ධාතු ද වෙයි, තෙලෙ චක්ෂුරින්ද්රිය ද වෙයි, තෙලෙ ලෝක ද වෙයි, තෙල ද්වාර ද වෙයි, තෙලෙ සමුද්ර ද වෙයි, තෙලෙ පණ්ඩර ද වෙයි, තෙලෙ ක්ෂේත්ර ද වෙයි, තෙලෙ වාස්තු ද වෙයි, තෙලෙ නේත්ර ද වෙයි, තෙලෙ නයන ද වෙයි, තෙලෙ ඔරිමතිර ද වෙයි, තෙලෙ ශුන්යග්රාම ද වේ. මේ ඒ චක්ෂුරායතන රූප යයි.