2. රූපකාණ්ඩය
උද්දේසෝ
585. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
කාමාවචර වූ රූපාවාචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, විඥානස්කන්ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ යම් ක්රියාධර්ම කෙනෙක් වෙත් ද, හැම රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්මයෝ අව්යාකතෘයෝ යි.
[මාතෘකා]
586. එහි හැම රූපය කවරැ යත්:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ හැම රූප යයි කියනු ලැබේ.
587. එක් කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
හැම රූපය නහේතු ය, අහේතුක ය, හේතුවිප්රයුක්ත ය, සප්රත්ය ය, සඞ්ඛත ය, රූපවත් ය, ලෞකික ය, සාස්රව ය, සංයෝජනිය ය, ග්රන්ථනීය ය. ඕඝනීය ය, යෝගනීය ය, නීවරණිය ය, පරාමෘෂ්ට ය, උපාදානිය ය, සාංක්ලේශික ය, අව්යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික ය, චිත්තවිප්රයුක්ත ය, නෛවවිපාකනවිපාකධර්මධර්ම ය, අසංක්ලිෂ්ටසාංක්ලේශික ය, නසවිතර්කවිචාර ය, නාවිතර්කවිචාරමාත්ර ය, අවිතර්කඅවිචාර ය, නප්රීතිසහගත ය, නසුඛසහගත ය, නඋපේක්ෂා සහගත ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතුක ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ය, නො ම ශෛක්ෂ නාශෛක්ෂ ය, පරිත්ත ය, කාමාවචර ය, නරූපාවචර ය, නඅරූපාවචර ය, පරියාපන්න ය, නො ම අපරියාපන්න ය, අනියත ය, අනෛර්ය්යාණික ය, උත්පන්න ය, ෂඩ්විඥානයෙන් විඥේය ය, අනිත්ය ය, ජරාභිභූත යි. මෙසේ එක කොටසින් රූපසඞ්ග්රහය වේ.
එකක යි.
588. දෙකොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
උපාදාරූපයෙක් ඇත, උපාදා නො වූ රූපයෙක් ඇත.
උපාදින්නරූපයෙක් ඇත, අනුපාදින්නරූපයෙක් ඇත.
උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇත,
සනිදර්නරූපයෙක් ඇත, අනිදර්ශනරූපයෙක් ඇත.
සප්රතිඝරූපයෙක් ඇත, අප්රතිඝරූපයෙක් ඇත.
ඉන්ද්රියරූපයෙක් ඇත, ඉන්ද්රිය නො වූ රූපයෙක් ඇත.
මහාභූත රූපයෙක් ඇත, මහාභූත නො වූ රූපයෙක් ඇත.
විඥප්තිරූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇත.
චිත්තසමුත්ථානරූපයෙක් ඇත, චිත්තසමුත්ථාන නො වූ රූපයෙක් ඇත.
සිත සමග උපන් රූපයෙක් ඇත. සිත සමග නූපන් රූපයෙක් ඇත.
චිත්තානුපරිවර්තී වූ රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇත.
ආධ්යාත්මිකරූපයෙක් ඇත, බාහ්යරූපයෙක් ඇත.
ඖදාරික රූපයෙක් ඇත, සූක්ෂමරූපයෙක් ඇත.
දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇත.
ප්රකීර්ණකදුක යි. (14)
චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ වූ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ෂුර්විඥානයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ෂුර්විඥානයට වස්තු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපයෙක් ඇත, කායවිඥානයට වස්තු නො වූ රූපයෙක් ඇති.
වස්තුදුක යි. (25)
චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.
ආලම්බනදුක යි. (25)