787. ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූප යි.
788. ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූප යි.
789. ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරේ යත්:
ශ්රෝත්රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූප යි.
790. ඒ බාහිර චක්ඛුසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්ය චක්ෂුර්විඥානයට වස්තු නො වූ රූප යි.
791. ඒ අධ්යාත්මික චක්ෂුර්විඥානයට වස්තු වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ෂුර්විඥානයට වස්තු වූ රූප යි.
792. ඒ අධ්යාත්මික චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූ රූපය කවරේ යත්:
ශ්රෝත්රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ෂුර්විඥානයට වස්තු නො වූ රූප යි.
793. ඒ බාහිර සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්ශයට වස්තු නො වූ රූප යි.
794. ඒ අධ්යාත්මික කායසම්ඵස්සයට වස්තු වූ රූපය කවරේ යත්:
කායායතන යි. මේ ඒ අධ්යාත්මික කායසංස්පර්ශයට වස්තු වූ රූප යි.
795. ඒ අධ්යාත්මික කායසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්යාත්මික කායසංස්පර්ශයට වස්තු නො වූ රූප යි.
796. ඒ බාහිර කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට වස්තු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඤ්ඤාණයට වස්තු නො වූ රූප යි.
797. ඒ අධ්යාත්මික කායවිඤ්ඤාණයට වස්තු වූ රූපය කවරේ යත්:
කායායතන යි. මේ ඒ අධ්යාත්මික කායවිඥානයට වස්තු වූ රූප යි.
798. ඒ අධ්යාත්මික කායවිඤ්ඤාණයට වස්තු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්යාත්මික කායවිඥානයට වස්තු නො වූ රූප යි.
(වස්තු ත්රිකයෝ යි.)
799. ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
800. ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූප යි.
801. ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
802. ඒ ආධ්යාත්මික චක්ඛුසම්ඵස්සජවේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්යාත්මික චක්ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.