799. ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
800. ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූප යි.
801. ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
802. ඒ ආධ්යාත්මික චක්ඛුසම්ඵස්සජවේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්යාත්මික චක්ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
803. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතන යි. මේ ඒ බාහිර චක්ෂුර්විඥානයට අරමුණු වූ රූප යි.
804. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
805. ඒ ආධ්යාත්මික සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්යාත්මික කායසංස්පර්ශයට අරමුණු නො වූ රූප යි.
806. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
ස්ප්රෂ්ටව්යායතන යි. මේ ඒ බාහිර කායසංස්පර්ශයට අරමුණු වූ රූප යි.
807. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්ශයට අරමුණු නො වූ රූප යි.
808. ඒ ආධ්යාත්මික කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක්ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්යාත්මික කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
809. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
ස්ප්රෂ්ටව්යායතන යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු වූ රූප යි.
810. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
ආලම්බන ත්රිකයෝ යි.
811. ඒ බාහිර චක්ෂුරායතන නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්ෂුරායතන නො වූ රූප යි.
812. ඒ අධ්යාත්මික චක්ඛායතනරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්යග්රාම’ නමුදු වේ. මේ ඒ අධ්යාත්මික චක්ෂුරායතන රූප යි.