724. ඒ කායවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විහිදුවන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්ති රූප යි.
725. ඒ කායවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥප්ති නො වූ රූප යි.
726. ඒ වචීවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක් සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යි (කියනු ලැබේ.) ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
727. ඒ වචීවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාරය යි. මේ ඒ වාග්විඥප්ති නො වූ රූප යි.
728. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටිය හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නාලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
729. ඒ ආකාසධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ආකාශධාතු නො වූ රූප යි.
730. ඒ ආපෝධාතුරූපය කවරෙ යත්:
යම් ආපයෙක් අපොගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
731. ඒ ආපෝධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ අබ්ධාතු නො වූ රූප යි.
732. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍වරූප යි.
733. ඒ රූපයාගේ ලහුතා නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ලඝුතා නො වූ රූප යි.
734. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් අකර්‍කශ බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
735. ඒ රූපයාගේ මුදුතා නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ මුදුතා නො වූ රූප යි.
736. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
රූපයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍වරූප යි.
737. ඒ රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍ව නො වූ රූප යි.