714. ඒ චක්ඛුන්ද්රියරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ද … තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ චක්ෂුරින්ද්රිය රූප යි.
715. ඒ චක්ඛුන්ද්රිය නො වූ රූපය කවරෙ යත්:
ශ්රෝත්රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ෂුරින්ද්රිය නො වූ රූප යි.
716. ඒ සෝතින්ද්රියරූපය … ඝානින්ද්රිය … ජිව්හින්ද්රිය … කායින්ද්රියරූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ද … තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ කායේන්ද්රිය රූප යි.
717. කායේන්ද්රිය නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායේන්ද්රිය නො වූ රූප යි.
718. ඒ ඉත්ථින්ද්රිය රූපය කවරෙ යත්:
යම් කරුණෙකින් ස්ත්රිය පිළිබඳ ස්ත්රීසටහන ස්ත්රීනිමිත්ත ස්ත්රීක්රියා ස්ත්රීආකල්පය ස්ත්රීත්වය ස්ත්රිභාවය වේ ද, මේ ඒ ස්ත්රීන්ද්රියරූප යි.
719. ඒ ස්ත්රීන්ද්රිය නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ත්රීන්ද්රිය නො වූ රූප යි.
720. ඒ පුරිසින්ද්රියරූපය කවරෙ යත්:
යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂ සටහන පුරුෂනිමිත්ත පුරුෂක්රියා පුරුෂාකල්පය පුරුෂත්වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂෙන්ද්රියරූප යි.
721. ඒ පුරුෂේන්ද්රිය නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ පුරුෂේන්ද්රිය නො වූ රූප යි.
722. ඒ ජීවිතින්ද්රිය රූපය කවරෙ යත්:
ඒ රූපීධර්මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්ද්රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්ද්රියරූප යි.
723. ඒ ජීවිතේන්ද්රිය නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ජීවිතේන්ද්රිය නො වූ රූප යි.
(ඉන්ද්රිය දුක යි.)
724. ඒ කායවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්ධි හකුළුවන්නහුගේ හෝ විහිදුවන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්ති රූප යි.
725. ඒ කායවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥප්ති නො වූ රූප යි.
726. ඒ වචීවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්මයෙක් වාක් සඞ්ඛ්යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යි (කියනු ලැබේ.) ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
727. ඒ වචීවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාරය යි. මේ ඒ වාග්විඥප්ති නො වූ රූප යි.