706. ඒ චක්ඛුධාතු රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ චක්‍ෂූර්ධාතුරූප යි.
707. ඒ චක්ඛුධාතු නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
708. ඒ සෝතධාතුරූපය … ඝානධාතු … ජිව්හාධාතු … කායධාතුරූපය කවරෙ යත්:
කායායතන යි. මේ ඒ කායධාතු රූප යි.
709. ඒ කායධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායධාතු නො වූ රූප යි.
710. ඒ රූපධාතුරූපය කවරෙ යත්:
රූපායතන යි. මේ ඒ රූපධාතුරූප යි.
711. ඒ රූපධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපධාතු නොවූ රූප යි.
712. ඒ ශබ්දධාතුරූපය … ගන්‍ධධාතු … රසධාතු … ඵොට්ඨබ්බධාතු රූපය කවරෙ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතුරූප යි.
713. ඒ ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.
(ධාතු දුක යි.)
714. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්‍ෂුරින්‍ද්‍රිය රූප යි.
715. ඒ චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
716. ඒ සෝතින්‍ද්‍රියරූපය … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායේන්‍ද්‍රිය රූප යි.
717. කායේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායේන්‍ද්‍රිය නො වූ රූප යි.
718. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීනිමිත්ත ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රිභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
719. ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
720. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂ සටහන පුරුෂනිමිත්ත පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂෙන්‍ද්‍රියරූප යි.