698. ඒ චක්ඛායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ එ චක්‍ෂුරායතන රූප යි.
699. ඒ චක්‍ෂුරායතන නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරායතන නො වූ රූප යි.
700. ඒ ශ්‍රෝත්‍රායතන … ඝ්‍රාණායතන ... ජිහ්වායතන … කායායතන රූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ කායායතනරූප යි.
701. ඒ කායායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායායතන නො වූ රූප යි.
702. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද … තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
703. ඒ රූපායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපායතන නො වූ රූප යි.
704. ඒ ශබ්දායතනරූපය … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය කවරෙ යත්:
පෘථිවිධාතු ය … තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය යි.
705. ඒ ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
(ආයතන දුක යි.)
706. ඒ චක්ඛුධාතු රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන යි. මේ ඒ චක්‍ෂූර්ධාතුරූප යි.
707. ඒ චක්ඛුධාතු නො වූ රූපය කවරෙ යත්:
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
708. ඒ සෝතධාතුරූපය … ඝානධාතු … ජිව්හාධාතු … කායධාතුරූපය කවරෙ යත්:
කායායතන යි. මේ ඒ කායධාතු රූප යි.
709. ඒ කායධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායධාතු නො වූ රූප යි.
710. ඒ රූපධාතුරූපය කවරෙ යත්:
රූපායතන යි. මේ ඒ රූපධාතුරූප යි.
711. ඒ රූපධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපධාතු නොවූ රූප යි.