690. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
රූපායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
691. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූප යි.
692. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ෂුර්විඥානයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
රූපායතන යි. මේ චක්ෂුර්විඥානයට ආලම්බන වූ රූප යි.
693. ඒ චක්ෂුර්විඥානයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ෂුර්විඥානයට ආලම්බන නො වූ රූප යි.
694. ඒ සෝතසම්ඵස්සයට ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
ස්ප්රෂ්ටව්යායතන යි. මේ ඒ කායසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
695. ඒ කායසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
696. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට අරමුණු වූ රූපය කවරෙ යත්:
ස්ප්රෂ්ටව්යායතන යි. මේ කායවිඥානයට අරමුණු වූ රූප යි.
697. ඒ කායවිඥානයට අරමුණු නො වූ රූපය කවරෙ යත්:
චක්ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
(ආලම්බන දුක යි.)
698. ඒ චක්ඛායතනරූපය කවරෙ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ද … තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ එ චක්ෂුරායතන රූප යි.
699. ඒ චක්ෂුරායතන නො වූ රූපය කවරෙ යත්:
ශ්රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ෂුරායතන නො වූ රූප යි.
700. ඒ ශ්රෝත්රායතන … ඝ්රාණායතන ... ජිහ්වායතන … කායායතන රූපය කවරෙ යත්:
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ද … තෙලෙ ශුන්යග්රාම නමුදු වේ. මේ ඒ කායායතනරූප යි.