ත්‍රිකනිර්දේශය යි.
චතුෂ්කය
886. ඒ උපාදාඋපාදින්නරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්න රූප යි.
887. ඒ උපාදාඅනුපාදින්නරූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුත්‍ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්න රූප යි.
888. ඒ උපාදාඋපාදින්න නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්න නො වූ රූප යි.
889. ඒ උපාදාඅනුපාදින්න නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්න නො වූ රූප යි.
890. ඒ උපාදාඋපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය රූප යි.
891. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූප යි.
892. ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූප යි.
893. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූප යි.
894. ඒ උපාදාසප්පටිඝරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝරූප යි.
895. ඒ උපාදාඅප්පටිඝරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාඅප්‍රතිඝරූප යි.
896. ඒ උපාදාසප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝ නො වූ රූප යි.
897. ඒ උපාදාඅප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ උපාදාඅප්‍රතිඝ නො වූ රූප යි.