971. ඒ පඨවිධාතුරූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න (ශරීරස්ථ) වූ හෝ අනුපාදින්න වූ හෝ යම් කර්‍කශයෙක් පරුෂයෙක් කර්‍කශත්‍වයෙක් කර්‍කශභාවයෙක් වේ ද, මේ ඒ පෘථිවිධාතුරූප යි.
972. ඒ ආපෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
973. ඒ තේජෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුමෙක් උණුසුම් අයුරෙක් තද උණුසුමෙක් තද උණුසුම් අයුරෙක් වේ ද, මේ ඒ තේජෝධාතුරූප යි.
974. ඒ වායෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් වායුවෙක් වායෝගතයෙක් රූපයාගේ පිරුණුබවෙක් වේ ද, මේ ඒ වායෝධාතුරූප යි.
975. ඒ උපාදාරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාරූප යි.
මෙසේ පඤ්චප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
පඤ්චකය යි.
976. රූපායාතනය චක්‍ෂුර්විඥේය (චක්‍ෂුර්විඥානයෙන් දත හැකි) රූපය, ශබ්දායතනය ශ්‍රෝතවිඥේය රූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේය රූපය, රසායතනය ජිහ්වාවිඥේය රූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේය රූප ය, හැම රූපය මනෝවිඥෙය රූප යි.
මෙසේ ෂට්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
ෂට්කය යි.
977. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥේය (ත්‍රිවිධ මනෝධාතුයෙන් දත හැකි) රූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ සප්තප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
සප්තකය යි.
978. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, සුවපහස් වූ මනවඩවන පහස කායවිඥේයරූප ය, දුක්පහස් වූ නො මනවඩවන පහස කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥෙයරූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ අෂ්ටප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
අෂ්ටකය යි.