850. ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූප යි.
851. ඒ බාහිර කායවිඥප්තිරූපය කවරේ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විදහන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය කායවිඥප්ති රූප යි.
852. ඒ බාහිර කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥප්ති නො වූ රූප යි.
853. ඒ අධ්‍යාත්මික වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික වාග්විඥප්ති නො වූ රූප යි.
854. ඒ බාහිර වචීවිඤ්ඤත්තිරූපය කවරේ යත්:
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
855. ඒ බාහිර වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය වාග්විඥප්ති නො වූ රූප යි.
856. ඒ අධ්‍යාත්මික ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ආකාශධාතු නො වූ රූප යි.
857. ඒ බාහිර ආකාසධාතු රූපය කවරේ යත්:
යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ බාහිර ආකාශධාතු රූප යි.
858. ඒ බාහිර ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ආකාසධාතු නො වූ රූප යි.
859. ඒ අධ්‍යාත්මික ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අබ්ධාතු නො වූ රූප යි.
860. ඒ බාහිර ආපෝධාතුරූපය කවරේ යත්:
යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධන භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය අබ්ධාතුරූප යි.