කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
855. ඒ බාහිර වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය වාග්විඥප්ති නො වූ රූප යි.
856. ඒ අධ්‍යාත්මික ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ආකාශධාතු නො වූ රූප යි.
857. ඒ බාහිර ආකාසධාතු රූපය කවරේ යත්:
යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ බාහිර ආකාශධාතු රූප යි.
858. ඒ බාහිර ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ආකාසධාතු නො වූ රූප යි.
859. ඒ අධ්‍යාත්මික ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අබ්ධාතු නො වූ රූප යි.
860. ඒ බාහිර ආපෝධාතුරූපය කවරේ යත්:
යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධන භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය අබ්ධාතුරූප යි.
861. ඒ බාහිර ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය අබ්ධාතු නො වූ රූප යි.
862. ඒ අධ්‍යාත්මික රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
863. ඒ බාහිර රූපයාගේ ලහුතාරූපය කවරේ යත්:
රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍වරූප යි.
864. ඒ බාහිර රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.
865. ඒ අධ්‍යාත්මික රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
866. ඒ බාහිර රූපයාගේ මුදුතාරූපය කවරේ යත්:
රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව රූප යි.
867. ඒ බාහිර රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.
868. ඒ අධ්‍යාත්මික රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.
869. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතාරූපය කවරේ යත්:
රූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා රූප යි.
870. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.