9. 1. 5. 4.
උභතෝභාගවිමුත්ත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘උභතෝභාගවිමුත්තය’ ‘උභතෝභාගවිමුත්තය’ යි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් උභතෝභාගවිමුත්ත පුද්ගල දෙසන ලදුයේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව මැ ප්රථමධ්යානයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (ප්රථම ධ්යාන විදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥාවෙනුදු එම දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් උභතෝභාග විමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (නෙවසඤ්ඤානාසඤ්ඤා විපස්සනා යයි කියන ලද) ප්රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් උභතෝභාග විමුත්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥාවෙනුදු දැන ඔහුගේ ආස්රවයෝ පරික්ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්රඥායෙනුදු එය දැන ගන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පර්ය්යායයෙන් උභතෝභාග විමුක්තයා දෙසන ලදුයේ ය යි.
9. 1. 5. 5.
සන්දිට්ඨිකධම්ම සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ධර්මය සන්දිට්ඨික ය, (තමා විසින් දැකිය යුත්තෙක) ධර්මය සන්දිට්ඨික යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් ධර්මය සන්දිට්ඨික යයි භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම ප්රථමධ්යානයට පැමිණ වාස කෙරෙයි … ඇවැත්නි, මෙතෙකිනුදු ධර්මය සන්දිට්ඨික යයි පර්ය්යායයෙන් භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්ශනා සඞ්ඛ්යාත) නුවණිනුදු දැකැ ඔහුගේ ආස්රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු ධර්මය සන්දිට්ඨික යයි නිෂ්පර්ය්යායයෙන් භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
9. 1. 5. 6.
සන්දිට්ඨිකනිබ්බාන සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, සන්දිට්ඨික නිබ්බානය (තමා විසින් දැක්ක යුතු නිවන) සන්දිට්ඨික නිබ්බාන”යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්යවතුන් විසින් නිර්වාණය සන්දිට්ඨික යයි දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම … ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්දිට්ඨික යයි භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥායෙනුදු දැක ඔහුගේ ආස්රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්දිට්ඨික යි භගවත්හු විසින් නිෂ්පර්ය්යායයෙන් දෙසන ලදැ යි.