9. 1. 5. 5.
සන්‍දිට්ඨිකධම්ම සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ධර්‍මය සන්‍දිට්ඨික ය, (තමා විසින් දැකිය යුත්තෙක) ධර්‍මය සන්‍දිට්ඨික යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් ධර්‍මය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි … ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) නුවණිනුදු දැකැ ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
9. 1. 5. 6.
සන්‍දිට්ඨිකනිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, සන්‍දිට්ඨික නිබ්බානය (තමා විසින් දැක්ක යුතු නිවන) සන්‍දිට්ඨික නිබ්බාන”යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් විසින් නිර්‍වාණය සන්‍දිට්ඨික යයි දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යි භගවත්හු විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැ යි.
9. 1. 5. 7.
නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිබ්බාන (කෙලෙස් නිවීම) නිබ්බාන යයි කියනු ලැබේ …
9. 1. 5. 8.
පරිනිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පරිනිබ්බානය (පිරිනිවීම) පරිනිබ්බාන යයි කියනු ලැබේ …
9. 1. 5. 9.
තදඞ්ග නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, තදඞ්ගනිබ්බාන (ප්‍රථම ධ්‍යානාදි ඒ ඒ අංගයෙන් නිවීම) තදඞ්ගනිබ්බාන යයි කියනු ලැබේ ...
9. 1. 5. 10.
දිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, දිට්ඨධම්මනිබ්බාන (ඒ අත් බැව්හිම නිවීම) දිට්ඨධම්මනිබ්බාන යයි කියනු ලැබේ … ඇවැත්නි, කෙතෙක් කරුණින් දිට්ඨධම්මනිබ්බාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැ යි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. (නේවසඤ්ඤානාසඤ්ඤායතනවිපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
පස්වැනි සාමඤ්ඤ වර්‍ග යි.
එහි උද්දානය:
සම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදඞ්ග සූත්‍රය, දිට්ඨධම්මික සූත්‍රය දැයි දසයෙකි.
පඨම පණ්ණාසකය සමාප්ත යි.