9. 1. 4. 7.
ලෝකායතික බ්රාහ්මණ සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ලෝකායතශාස්ත්රය හදාරන බ්රාහ්මණ දෙදෙනෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බ්රාහ්මණයෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
භවත් ගෞතමයන් වහන්ස, සර්වඥ සර්වදර්ශී පූර්ණකාශ්යප අපරිශේෂ ඥානදර්ශනය පිළිණ කෙරෙයි: “යන්නාවූත් සිටිනාවූත් සුප්තවූත් නිදිවැරීමෙහි යෙදුණවූත් මට හැමකල්හි නිරතුරු ව ඥානදර්ශනය එළැඹ සිටියේය යි: හේ මෙසේ කියයි: “මම් අනන්තඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියා යි.
භවත් ගෞතමයන් වහන්ස, සර්වඥ සර්වදර්ශී මේ නිගණ්ඨ නාතපුත්ර ද අපරිශේෂ ඥානදර්ශනය පිළිණ කෙරෙයි: “යන්නා වූත් සිටුනා වූත් සුප්ත වූත් ජාගරණයෙහි යෙදුනාවූත් මට හැම කල්හි නිරතුරු ව ඥානදර්ශනය එළැඹ සිටියේ ය”යි. හේ මෙසේ කියයි: “මම් අනන්තවත් ඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියායි. භවත් ගෞතමයන් වහන්ස, ඥානවාද දෙකක් ඇති අන්යෝන්ය ප්රත්යනීක වාද දෙකක් ඇති මොවුන්ගෙන් කවරෙක් සත්යය කියා ද? කවරෙක් මුසවා කියාදැ යි.
බ්රාහ්මණයෙනි, කම් නැති, ඥානවාද දෙකක් ඇති අන්යෝන්ය විරුද්ධ වාද දෙකක් ඇති, මොවුන්ගෙන් කවරෙක් සත්යය කියාද? කවරෙක් මුසවා කියාදැ?යි යන තෙල කරුණ තිබේවා, ‘බ්රාහ්මණයෙනි, තොපට දහම් දෙසන්නෙමි, එය අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසන්නෙමි’යි. ‘භවත්නි, එසේ ය’යි ඒ බ්රාහ්මණයෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
බ්රාහ්මණයෙනි, උත්තමගතියෙනුදු ජවයෙනුදු පරම පද වීතිහාරයෙනුදු යුත් සතර පුරුෂ කෙනෙක් සිවුදික්හි යම්පරිදි සිටියාහු වෙත් ද,
බ්රාහ්මණයෙනි, ගත් දළදුනු ඇති (ඇදුරු කුලෙහි) උගත් සිප්සතර ඇති, කෘතහස්ත වූ දැක්වූ සිප්සතර ඇති දුනුවායෙක් නො බර හීයෙන් නිදුකින් සතරඟුල් තල් සෙය යම්සේ සරස ඉක්මවන්නේ ද, ඔහු එබඳු ජවයෙන් සමන්වාගත වෙත්. පෙරදිගු මුහුදින් පෑළදිගු මුහුද යම්බඳු වේ නම්, ඉක්බිති පෙරදික්හි සිටි පුරුෂයෙක් මෙසේ කියයි. “මම් පාගමනින් ලෝකාන්තයට පැමිණෙ මැ”යි. හේ වැළඳීම, පීම, කෑම හා රසවිඳුම හැර, මලමූකිස හැර නිද්රාක්ලමථ දුරලීම හැර වර්ෂශතායුෂ්ක වූයේ ශතවර්ෂජීවී වූයේ ශතවර්ෂයක් ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර කලුරිය කරන්නේ ය. තවද පෑළදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද උතුරුදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද දකුණු දිග්හි සිටි පුරුෂ මෙසේ කියයි: “මම පා ගමනින් ලෝකාන්තයට යෙමි”යි. හේ වැළඳීම පීම කෑම රසවිඳුම හැර මලමූකිස හැර නිද්රාක්ලමථ දුරලීම හැර වර්ෂශතායුෂ්ක වූයේ වර්ෂශතජීවී වූයේ සියවසක් ගමන් කොට ලෝකාන්තයට නොපැමිණ ම අතුරෙහි කලුරිය කරන්නේ ය. ඒ කවර හෙයින යත්: බ්රාහ්මණයෙනි, මෙ බඳු වූ සන්ධාවනයෙකින් ලොකාන්තය දතයුතු යයි දැක්කයුතු යයි පැමිණිය යුතු යයි මම නො කියමි. බ්රාහ්මණයෙනි, ලෝකාන්තයට නො පැමිණ ද දුක්ඛයාගේ අන්තකරණය මම නො කියමි.