9. 1. 4. 5.
ඣානනිස්සය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මම ප්රථමධ්යානය නිසා ද ආස්රවයන්ගේ ක්ෂය (වේ ය යි) කියමි. මහණෙනි, මම ද්විතීයධ්යානය නිසා ද ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම තෘතීයධ්යානය නිසා ද ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම චතුර්ත්ථධ්යානය නිසා ද ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම ආකාසානඤ්චායතනය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි. මහණෙනි, මම සඤ්ඤාවේදයිත නිරෝධය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි.
“මහණෙනි, මම ප්රථමධ්යානය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය කියමි”යි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … ප්රථමධ්යානයට එළැඹ වාසය කෙරෙයි.
හේ ඒ දැහැන්හි රූපගත වේවයි වේදනාගත වේවයි සඤ්ඤාගත වේවයි සඞ්ඛාරගත වේවයි විඤ්ඤාණගත වේවයි යමෙක් මැ වේ නම් ඒ දහම් අනිත්ය විසින් රෝග විසින් ගණ්ඩ (ගඬු) විසින් සල්ල (හුල්) විසින් අඝ (දුක සහිත) විසින් ආබාධ (පීඩාකර) විසින් පර (අයත් නැති) විසින් පලෝක (පලුදු) විසින් සුඤ්ඤ (හිස්වූවන්) විසින් අනත්ත (අනාත්ම) විසින් මොනොවට විදසුන් නුවණින් දක්නේ ය. හේ ඒ දහමුන්ගෙන් සිත නිවන් විසින් නවතා ලයි. එ දහමුන් ගෙන් සිත නවතා “යම් මේ සර්වසංස්කාරයන්ගේ සමථයෙක් වේ නම් සර්වොපධීන්ගේ දුර ලීමෙක් වේ නම් තෘෂ්ණාක්ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්රණීත යයි අමෘතධාතුයෙහි සිත බස්වයි. හේ එ දැහැන්හි සිටියේ ආස්රවයන්ගේ ක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්රවයන්ගේ ක්ෂයට නො පැමිණේ නම් ඒ (ශමථ-විදර්ශනා) ධර්මරාගයෙන් මැ ඒ ධර්මනන්දියෙන් මැ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් එහි මැ පිරිනිවෙන සුලු එ ලොවින් පිළිසිඳ විසින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතිකයෙක් වෙයි.
මහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටි පිඩෙක හෝ යෝග්ය (අභ්යාස) කොට හේ පසු කලෙක (දුර හී හෙළනා) දූරේපාතියෙක් ද (විදුලියෙහි දු නො වරද ව විදුනා) අක්ඛණවේධියෙක් ද මහත් කයත් බිඳුනේ ද වෙයි.
මහණෙනි, එ සෙයින් මැ මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ රූපගත වේවයි, වේදනාගත වේවයි, සඤ්ඤාගත වේවයි, සඞ්ඛාරගත වේවයි, විඤ්ඤාණගත වේවයි, යම් ම ධර්මයෙක් වේ නම් ඒ ධර්මයන් අනිත්ය විසින් දුක්ඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් සල්ල විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් පලෝක විසින් සුඤ්ඤ විසින් අනත්ත විසින් විවසුන් නුවණින් දක්නේ ය, හේ එ දහමුන්ගෙන් සිත නවත්වයි. හේ එ දහමුන්ගෙන් සිත නවත්වා “යම් මේ සර්වසංස්කාර සමථයෙක් වේ නම් සර්වොපධීන්ගේ දුරලීමෙක් වේ නම් තෘෂ්ණාක්ෂයයෙක් වේ නම් විරාගයෙක් වේ නම් නිරෝධයෙක් වේ නම් නිර්වාණයෙක් වේ නම් තෙල ශාන්තය තෙල ප්රණීතය”යි. නිර්වාණධාතුයෙහි සිත බහයි. හේ එහි සිටියේ ආස්රවයන්ගේ ක්ෂයට පැමිණේ.
ඉදින් ආස්රවයන්ගේ ක්ෂයට නො පැමිණේ නම් එම ධර්මරාගයෙන් එම ධර්මනන්දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගෙන් පරික්ෂයයෙන් එහි පිරිනිවෙන සුලු ඒ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි. මහණෙනි, ප්රථමධ්යානය නිසාත් ආස්රවයන්ගේ ක්ෂය මම කියමි යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
“මහණෙනි, මම දෙවන දැහැන නිසා ද … මහණෙනි, මම තෙවන දැහැන නිසා ද … මහණෙනි, මම සිවුවන දැහැන නිසා ද … මහණෙනි මම ආකාසානඤ්චායතනය නිසා ද ආස්රවයන්ගේ ක්ෂය කියමි”යි, මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්:
“මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්රමයෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්තය”යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් මැ වේදනාගතයෙක්, සංඥාගතයෙක්, සංස්කාරගතයෙක්, විඤ්ඤාණගතයෙක් වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂයයෙන් එහි පිරිනිවෙන සුලු එලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි.