9. 1. 4. 3.
නිබ්බානසුඛ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර වේළුවන නම් කලන්දක නිවාපයෙහි වාසය කෙරෙත්. එකල්හි ඇවැත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’ යී ඒ මහණහු ඇවැත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස් වූහ. ඇවැත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ. “ඇවැත්නි, මේ නිර්වාණය සුඛ යි, ඇවැත්නි, මේ නිර්වාණය සුඛ”යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කීහ: “ඇවැත්නි ශාරිපුත්රය, යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, එහි කවර සුඛයෙක් දැ”යි. “ඇවැත්නි, ඉදින් යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, තෙල ම සුඛ වේ”යි.
ඇවැත්නි, මෙ කාමගුණ පසෙක් වෙයි, කවර පසක යත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්ෂුර්විඥේය රූපහ … ශ්රෝත්රවිඥේය ශබ්දහ … ඝ්රාණවිඥේය ගන්ධහ … ජිහ්වාවිඥේය රස හ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රජනීය වූ ප්රියරූප වූ කාමෝපසංහිත වූ කායවිඥේය ස්ප්රෂ්ටව්යහ. ඇවැත්නි, මේ පඤ්චකාමගුණ යි. ඇවැත්නි, මේ පස්කම් ගුණනිසා යම් බඳු සුඛයෙක් සෞමනස්සයෙක් උපදනේ ද, ඇවැත්නි, මේ කාමසුඛ යි.
1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්රථමධ්යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්ය්යායෙනුදු නිර්වාණය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.
2. ඇවැත්නි, තව ද මහණ විතර්ක විචාරයන්ගෙන් ව්යුපශමයෙන් … ද්විතීයධ්යානයට එළඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන ඒ මහණහට විතර්ක සහගත සංඥාමනසිකාරයෝ ඉදින් පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට යම් සේ හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එපරිදි ම ඕහට ඒ විතර්කසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ කාරණයෙනුදු තෙල නිර්වාණය සුඛ වූ පරිදි දතයුතු යි.
3. තවද ඇවැත්නි, මහණ ප්රීතිහුගේ විරාගයෙන් … තෘතීයධ්යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ඒ ප්රීතිසහගත සංඥාමනසිකාරයෝ උපදනාහ. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ප්රීතිසහගතසංඥාමනසිකාරයෝ උපදිත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙපරිද්දෙනුදු තෙල නිර්වාණය සුඛ පරිදි දතයුතු.
4. ඇවැත්නි, තව ද මහණ සුඛප්රහාණයෙනුදු දුක්ඛප්රහාණයෙනුදු … චතුර්ත්ථධ්යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට උපේක්ෂාසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට උපේක්ෂාසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිර්වාණය සුඛ පරිදි දතයුතු.
5. තව ද ඇවැත්නි, මහණ රූපසංඥාවන්ගේ සමතික්රමණයෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්වාණය සුඛ පරිදි දතයුතු.
6. ඇවැත්නි, තවද මහණ හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ආකාසානඤ්චායතන සහගත මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිදි ඔහුගේ ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්වාණය සුඛ පරිදි දත යුතු.