9. 1. 4. 2.
අනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාරසමාපත්තීන් දෙසමි. එය අසවු … මහණෙනි, අනුපූර්‍ව විහාර සමාපත්තීහු නවදෙන කවරහු ද යත්:
1. යම් තැනෙක් හි කාමයෝ නිරුද්ධ වෙත් ද, යම්කෙනෙක් කාමයන් පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ඒ අංගයෙන් (තෘෂ්ණාදෘෂ්ටි ක්‍ෂුධා නැතියෙන්) නිච්ඡාතයහ. (ඇතුළත තවන කෙලෙසුන් නැතියෙන්) නිබ්බුතය හ. (කාමතණ්හා නැතියෙන්) තිත්තණ්හයහ. (කාමයෙහි පරතෙරට ගියෙන්) පාරගතයහ යි කියමි. කාමයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවුරු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් ද: මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි යමෙක් මෙසේ කියා නම්, හේ මෙසේ කිය යුතු වන්නේ ය:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මෙහි කාමයෝ නිරුද්ධ වෙත්, ඔහු දු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට වඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
2. යම් තැනෙක් හි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක් විතර්‍කවිචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් (තණ්හා දිට්ඨි නමැති සාගිනි නැතියෙන්) නිච්ඡාතය හ. (ඇතුළත තවන කෙලෙස් නැතියෙන්) නිබ්බුතයහ, (කාම තණ්හා නැතියෙන්) තිත්තණ්හයහ, පාරගතයහ, (කාමයෙහි පරතෙරට ගියහ)යි කියමි. විතර්‍ක විචාරයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවරහු විතර්‍ක විචාරයන් පුනපුනා නිරුද්ධ කොට වාසය කරත් ද, ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම්, හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්, ඔහු ද විතර්‍ක විචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත්ය’යි. මහණෙනි, එකැතින් අශඨවූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්ගේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
3. යම් තැනෙක ප්‍රීතිය නිරුද්ධ වේ නම් යම් කෙනෙකුත් ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාස කරත් නම් එකැතින් ඒ ආයුෂ්මත් හු ඒ අඞ්ගයෙන් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි ප්‍රීතිය නිරුද්ධ වේ ද? කවරහු ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? යි. මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඔ වාස කරයි. මෙහි ප්‍රීතිය නිරුද්ධ වෙයි. ඔහුත් පුන පුනා ප්‍රීතිය නිරුද්ධ කොට වාසය කරතැයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’ යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
4. යම් තැනෙක උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද, යම් කෙනෙකුත් උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හය හ, පාරඞ්ගතයහ යි කියමි. කොහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද? කවරහු උපේක්‍ෂා පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සුඛ ප්‍රහාණයෙන් ද දුක්ඛ ප්‍රහාණයෙන් ද … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වෙයි. ඔහු ද උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි එකතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේය, අනුමෝදන් කොට ගන්නේය. සාධුයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳිනුයේ බඳැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
5. යම් තැනෙක රූපසංඥා නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක්හුදු රූප සංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, තිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි රූපසංඥා හු නිරුද්ධ වෙත් ද? කවරහු රූපසංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කොට ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. මෙහි රූපසංඥා හු නිරුද්ධ වෙත්.